Connect with us

පුවත්

යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්

Published

on

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බව සඳහන් ය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,239 දෙනෙකු වෙත එම උසස් වීම් ලබා දී තිබේ.

එහි දී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු කර්නල් නිලයටත් උසස් කර තිබේ.

මේ අතර මේජර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතාන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 13 දෙනෙකු කපිතාන් නිලයට දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස් වීම් ලබා දී ඇති බව යුද හමුදා මධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවන්හී බල ලත් නිලධාරි II නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 49 දෙනෙකු බල ලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු බල ලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 135 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත් උසස් කර තිබේ.

තව ද කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 170 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 364 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 330 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් වීම් ලබා ඇත.

මේ අතර, යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් දෙදෙනෙකු වන මේජර් ජෙනරාල් පී.එන් ගොඩැල්ලවත්ත සහ මේජර් ජෙනරාල් යූ.එල්.ජේ.එස් පෙරේරා, මේජර් ජෙනරල් නිලයට උසස් වීම් ලැබූ බව යද හමුදා මධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

ලීක් වුන දත්ත ගැන වහාම පියවර ගන්නැයි ආගමන විගමන පාලකට නියෝග

Published

on

By

පසුගියදා ඇති වූ වීසා ගැටළුව සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මැයි 14දා රැස්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයාවද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණි.

මේ සාකච්ඡාව සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙම ගැටළුවේ සංවේදී බව හේතුවෙන් මාධ්‍ය වෙත හෙළිදරව් කරන්නේ මෙපමණක් බවයි.

මන්ත්‍රීවරයා පවසා තිබුණේ ජනප්‍රිය යූටියුබ් විකාශකයෙකු වන ‘ටෙක්ට්‍රෙන්ඩි’ විසින් හෙළිදරව් කර තිබුණු මෙම වීසා ක්‍රමවේදයට අදාලව සිදුවී ඇති දත්ත වල රහස්‍යභාවය නැතිවී යාම පිළිබඳ වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇති බවයි. ඔවුන් මේ වන විට එම පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

සබැඳි පුවත් :

වීසා ගැටළුව ගැන අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට

Continue Reading

පුවත්

මුජිබර් ව මැතිසබේට නම් කරන ගැසට්ටුව පිටවෙයි

Published

on

By

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Continue Reading

පුවත්

මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

Published

on

By

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-André Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා අතර හමුවක් සිදුවිය.

ඒ, අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම හමුව සඳහා  එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී (Patrick McCarthy) මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්විය.

මෙම හමුවේදී  ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කළහ. 

තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය විසින් එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහය හිමි වන බව ප්‍රකාශ කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved