Connect with us

පුවත්

8 දා බීවර් රුධිර චන්ද්‍රග්‍රහණයක්

Published

on

නොවැම්බර් 8දා පුර පසළොස්වක පොහොය දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇත. කෙසේ වෙතත්, මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස t බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 1.32 ට වන අතර ග්‍රහණ උපරිමය පස්වරු 4.29 ට ත් ග්‍රහණ අවසානය රාත්‍රී 7.26 ටත් සිදු වේ. නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට චන්ද්‍රයා උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට මෙම සිදුවීමේ අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි අතර පියෙවි ඇසට පෙනෙන අර්ධචන්ද්‍රග්‍රහණ අවධිය පස්වරු 6.19 ට අවසන් වන බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙය 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වන අතර එය පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස ද හැඳින්වේ.

මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව ශ්‍රී ලංකාව තුළ දැකිය නොහැක්කේ එම අවස්ථාවේ චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටා ඇති බැවිනි. චන්ද්‍රයා ක්ෂිතිජයට ආසන්නව පිහිටා ඇති විටෙක දී ලංකාවේ අපට ග්‍රහණය දිස් වීම ආරම්භ වන බැවින් චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැක බලා ගැනීම සඳහා උස් ස්ථානයක් තෝරා ගැනීම හෝ නැඟෙනහිර-ඊසාන දෙසින් බාධාවකින් තොරව අහස පෙනෙන ප්‍රදේශයක් සොයා ගැනීම වඩාත් සුදුසු බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14 දා ය.

මෙය බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය (Beaver Blood Moon Eclipse) ලෙස හඳුන්වන්නේ ඇයි?

සියලුම පුර පසළොස්වක චන්ද්‍රයින් ට ජනප්‍රිය අන්වර්ථ නාම ඇත. නොවැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා නොවැම්බර් 7 ට පෙර වැටෙන්නේ නම්, එය දඩයක්කාරයාගේ චන්ද්‍රයා ලෙස හැඳින්වේ. එසේ නොමැති නම්, මෙම වසරේ මෙන්, එය පූර්ණ බීවර් චන්ද්‍රයා ලෙස හැඳින්වේ. බීවර් යන නම ලැබී ඇත්තේ ලෝකයේ උතුරු ප්‍රදේශයේ බොහෝ රටවල ඇති සතුන් විශේෂයක් වන බීවරයින්, එළඹෙන සීතල මාස සඳහා ඔවුන්ගේ ගුහා සකස් කර ආහාර ගබඩා කරන කාලය නිසාය.

“රුධිර චන්ද්‍රයා” යන අන්වර්ථ නාමය අදුරු පැහැයෙන් තොර තැඹිලි-තඹ රතු පැහැයට හුරු පූර්ණ චන්ද්‍රග්‍රහණ හැඳින්වීම්ට යොදනු ලබයි.

පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී, චන්ද්‍රයා පළමුව පෘථිවියේ අඩු අඳුරු පිටත සෙවනැල්ල වන උපඡායාව තුළට ගමන් කරන අතර පසුව චන්ද්‍රයා පෘථිවයේ ගැඹුරු මධ්‍යම සෙවනැල්ල හෙවත් පූර්ණඡායාවට ඇතුල් වේ. මෙකල පෘථිවියේ වායුගෝලය හරහා ගමන් කරන සුර්‍යාලෝකය වායුගෝලයේ දූවිලි අංශු ආදිය මගින් ප්‍රකිරණයට ලක්වීම නිසා දිගු තරංග ආයමය සහිත රතු අලෝකය චන්ද්‍රයා මත පතිත වන අතර, ග්‍රහණ අවස්ථාවේ දී අපේක්ෂිත කළු පැහැය වෙනුවට චන්ද්‍ර පෘෂ්ඨය රතු කරයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved