පුවත්

80 ක්ලබ් ප්‍රතිසංස්කරණයත් සුදු අලි ප්‍රජෙක්ට් එකක් !

Published

on

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොළඹ 07 පිහිටි ‘එයිටි ක්ලබ් (80 Club)’ ආයතනය රුපියල් මිලියන 411ක වියදමින් ප්‍රතිසංස්කරණය කළද මේ වන තෙක් ඉන් කිසිදු ආදායමක් උපයාගෙන නැතැයි වාර්තා වේ.

මෙම ආයතනය 2020 වසරේ නොවැම්බර් මාසයේදී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබේ.

පසුව එහි අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත්තේ යුද හමුදාව විසිනි.

මහනුවර ‘ක්වීන්ස්’ හෝටලයේ අංක 80 කාමරයේදී පිරිසක් එක්ව සමාජයක් (club) පිහිටුවා ගෙන ඇති අතර, පසුව එය ‘එයිටි ක්ලබ්’ ලෙස නම් කර එය අදාළ ඉඩමේ පවත්වාගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසා ඇත්තේ එය ලබන සතියේ සිට මහජනතාවට විවෘත කරන බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් සේවකයන් චෝදනා කරන්නේ සභාපතිවරයා සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ ද ඔහු ද දිගින් දිගටම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි.

Trending

Exit mobile version