පුවත්

ණය ප්‍රශස්තකරණය ගැන විවාදය හෙට විතරයි (Update) 

Published

on

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය හෙට (01) පමණක් විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මේ අනුව හෙට (01) පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය ප.ව 7.30 ට පැවැත්වෙනු ඇත. 

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී විය.

මේ අතර ලබන සතියේ 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරිය පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව ලබන සතියේ 5,6 සහ 7 යන තෙදින පමණක් රැස්වීමට නියමිතව තිබේ. 

——————————-

(පෙර පුවත : 2023 ජුනි 30 ප.ව. 4.10)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඡන්දය හෙට ; ඉරිදා පාර්ලිමේන්තු නෑ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට (01) පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

එම විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර, ඉරිදා දිනයේදී පාර්ලිමේන්තුව රැස් නොවීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත.

Trending

Exit mobile version