යාපනය නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම ,පණිච්චන්කුලම ප්රදේශයේදී වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටී අද (15) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
කොළඹ සිට යාපනය දක්වා ධාවනයවූ වෑන් රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇති අතර පසුව ඉදිරියෙන් තිබූ තවත් ලොරියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මාන්කුලම් පොලිසිය සඳහන් කළේය.
අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය, මුල්ලේරියාව සහ යාපනයේ පදිංචි අවුරුදු 38 ,46 සහ 58 අතර වයසේ පසුවන තිදෙනකු බව පොලිසිය පැවසීය.
තවද වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ද ලොරියේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මාන්කුලම රෝහලට ද ඇතුළත් කර ඇත.