පුවත්

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කොළඹට කැඳවයි

Published

on

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) කොළඹට කැඳවා තිබේ.

ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙන්ම ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරී සඳහා යොදවන ජ්‍යේෂ්ඨ නිලධාරීන් පුහුණු කිරීම්ද  මේ වනවිට අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

(News1st)
(This story, originally published by News1st has not been edited by SLM staff)

Trending

Exit mobile version