Connect with us

පුවත්

චීනයෙන්, මෙරට ධීවරයන් හා ගොවීන් වෙත ඩීසල් ලීටර් මිලියන 10.6ක පරිත්‍යාගයක්

Published

on

චීනය විසින් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිටින ගොවීන් සහ ධීවරයින් සඳහා ඩීසල් ලීටර් මිලියන 10.6 ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් නිවේදනයක් මගින් චීන තානාපති කාර්යාලය පවස්නේ නැව්ගත කර ඇති මෙම ඉන්ධන තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලයේදී මෙරටට සේන්දු වීමට නියමිත බවත්, ඉන්පසුව හැකි ඉක්මනින්ම අවශ්‍ය පාර්ශව වෙත ලබාදෙන බවත්ය.

මේ වන විට වඩාත්ම බලපෑමට ලක්ව ඇති ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර වල ජීවනෝපායන් නගා සිටුවීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකළ බවද එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් නැව්ගත කිරීමක් අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද පෙරවරු ‍වෙත ප්‍රකාශ කර ඇති අතර, එය නොවැම්බර් මස අවසන් වන විට පැමිණීමට නියමිතයි.

මීට පෙර, අබුඩාබි නුවර සිට විදෙස් මාධ්‍ය වලට අදහස් දක්වා තිබූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර මහතා පවසා තිබුණේ ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති පසුබිමක චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, එම බොහෝදුරට එම නැව්ගත කිරීම නොවැම්බර් මස අවසානයේදී ශ්‍රී ලංකාවට ළඟාවෙනු ඇති බවත්ය.

පසුගිය මාස 5 තුළ චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 5,500 ක් සහ රු. බිලියන 3 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

සබැඳි පුවත් :

ලංකාවට, චීනයෙන් ඩීසල්?

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved