කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබූ එම දෙපාර්තමේන්තුවේම පොලිස් කොස්තාපල්වරයකුට අයත් යතුරුපැදියක් පෙරේදා (26) සොරකම් කර ඇතැයි වාර්තා වේ.
එදින පෙරවරු 06.00ත් පස්වරු 03.00 ත් අතර කාලයේදී මෙම සොරකම සිදුව ඇතැයි කොළඹ කොටුව පොලිසිය සඳහන් කරයි.
එම පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා පෙරේදා (26) පැමිණ සුපුරුදු පරිදි එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට යතුරුපැදිය ගාල්කර ගොස් තිබේ.
ඔහු රාජකාරී නිම කර යළි පැමිණි අවස්ථාවේදී යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කර ඇත.
සොරකමට ලක්වූ යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ පහහමාරක් පමණ වන බවද පැවසෙන අතර, ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ මේවන විට ක්‍රියාත්මක කර ඇත.