සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
අවුරුදු 23 , 24 , හා 25 වයස්වල පසුවන දෙහිවල , මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශවල පදිංචි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ශරිර ඇප මත මුදා හැර ඇත.
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වධය ලබාදීම සඳහා මෙම සිසුන් පසුගිය පෙබරවාරි 15 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහර දී තිබිණ.