අඟුලාන පොලිස් වසමේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණ ප්‍රජා ශාලාවේ පැවති විවාහ මංගල උත්වයකදී ඊයේ (11) රාත්‍රී කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී තිබේ.
අඟුලාන පොලිසිය සඳහන් කරන්නේ, එම පහරදීමෙන් තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවය.
මරණකරු වයස අවුරුදු 52ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු මංගල උත්සවයේ පැවති ඩී.ජේ සංදර්ශනයක් අතරතුර ශබ්ද විකාශන යන්ත්‍රයක ශබ්දය අඩු කරන ලෙස පවසන අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදු කර ඇති බවටයි දැනට සිදු කල විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.