Connect with us

පුවත්

EPF වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක්

Published

on

මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබුණි.

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා යෝජකයන් ලියාපදිංචි වීමෙන් පසු අදාළ අර්ථසාධක අරමුදල් මහ බැංකුවට ගෙවීම් සිදු කරන බවත් මහ බැංකුවෙන් සෑම මාස 6කට වරක් ගෙවීම් පිළිබඳව දත්ත කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදෙන බවත් නිලධාරීන් පෙන්වාදී තිබේ.

මෙහිදී කාරක සභාව පෙන්වාදී ඇත්තේ මාස 6කට වරක් දත්ත ලබාගැනීම වෙනුවට මේ සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන විය හැකි පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතුවිය යුතු බවය.

ජනතාවගේ ආරක්ෂාව සඳහා එය අත්‍යවශ්‍ය බවත් කාරක සභාව විසින් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහ බැංකුව සහ කම්කරු කාර්යාලය ඒකාබද්ධ රැස්වීමක් කඩිනමින් පැවැත්වීමට ද උපදෙස් දී ඇති බව සඳහන් ය.

ඩිජිටල් දත්ත පද්ධතියක් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසිපරිදි භාවිත නොකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුවී තිබේ.

අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේ වනවිට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය වී තිබුණි.

පුවත්

ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරයි

Published

on

By

 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.

ඒ,  ඊයේ (15) විස්කොන්සි ප්‍රාන්තයේ මිල්වෞකි නගරයේ ආරම්භ වූ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීය.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල ලැබු හිටපු ජනාධිපතිවරයා සමුළුවට සහාභාගි වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් විය.

දින 04 ක් පුරා මෙම ජාතික සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරුණු අතර 39 හැවිරිදි ඔහායෝ සෙනෙට් සභික ජේ ඩී වාන්ස් රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති ධුරය සඳහා නම් කෙරුණි.

අමෙරිකාව යළිත් විශිෂ්ට රාජ්‍යක් කිරීම වෙනුවෙන් ඔහු සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කර ඇත.

Continue Reading

පුවත්

හොරු අල්ලන බව කී අනුරගේ ෆයිල් 400න් 360ක්ම හිස් බව රනිල් කියයි

Published

on

By

තමන් බලයට පත්වූ පසු රටේ හොරුන් අල්ලන බවට ප්‍රකාශ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ලිපි ගොනු පෙන්වා සිදුකර ඇත්තේ රංගනයක් බවත් එම ලිපි ගොනු බොහෝ ප්‍රමාණයක් හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

නීතීඥවරු පිරිසක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදියි ජනාධිපතිවරයා මේ බව කියා ඇතැයි වාර්තා වේ.

අනුර කුමාර ෆයිල් 400ක් පෙන්වා හොරු අල්ලන බව කී නමුත් එම ෆයිල් 400න් 40කට නඩු පැවරූ බවත් ඉතුරු ලිපි ගොනු 360ක් හිස් බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.

ජනාධිපතිවරයා එහිදි අදහස් දක්වමින් අනුර කුමාරට ලිපි ගොනු 400ක් පෙන්වීමට වඩා කළ යුතු වන්නේ ලිපිගොනු 40ක් පෙන්වීම බව පවසා තිබේ.

තමන් දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් පනත ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් තමන් යෝජනා කරන බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී කියා ඇත.

මූලාශ්‍රය – මොනරා

Continue Reading

පුවත්

වාසුගේ පුටුව නිරෝෂන්ට දෙන්න තීන්දු වෙයි!

Published

on

By

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එහි තාවකාලික නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.

ඒ සඳහා ඔහුව නිල වශයෙන් පත් කිරීමේ උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16) පස්වරු 2 ට පැවැත්වීමට නියමිතය.

සිය පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාකාරිව සිදු කිරීම සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඒ සඳහා පත් කර ගත් බව එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි මහතා කියා සිටී.

විශේෂයෙන් සිය පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම මෙවැනි පත්කිරීමක් කිරීමට ප්‍රධාන හේතුව වූ බවද නියෝජ්‍ය ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved