වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස තවදුරටත් පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ඇති මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය.
එමෙන්ම එහිදී වෛද්‍ය ජී. විජේසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.
මේ අතර ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දිවයිනේ සියලු රෝහල්වල ඊයේ (24) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (25) උදෑසන 8.00ට අවසන් කෙරුණි.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය මෙහෙයවීමෙන් ඊයේ ආරම්භ කළ එම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්විය.
ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ පෙරවරුවේ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයට කැදවීමක් සිදුකර තිබුණි.
සබැඳි පුවත් :
පරිපුරක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙට වර්ජනයක