පුවත්

GMOA දැඩි තීරණයක

Published

on

නව රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා හරහා වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදුවකට ලක්ව ඇති බවත් වහාම ඒ දීමනා පෙර තිබුණු අගයටම පත්කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කරයි.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ ( 21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“මූලික වැටුප වැඩිවෙනකොට මේ අයවැය හරහා වෛද්‍යවරුන්ගේ දීමනාවන් ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කරලා තියෙන යෝජනා නිසා මේ වැටුප් වැඩිවීමේ සැබෑ ප්‍රතිලාභය වෛද්‍යවරුන්ට අහිමිවෙලා තිබෙනවා. වෛද්‍යවරුන්ට අමතර රාජකාරි දීමනාව මීට පෙර පැවතුණේ මූලික වැටුපේ මධ්‍යන අගයෙන් 1/80ක මුදලක් ගෙව්වේ. මෙවර අයවැයෙන් ඒ අනුපාතය 1/120 විදියට 50% කින් කප්පාදු කරලා තිබෙනවා. ඒ වගේම තමයි නිවාඩු දින දීමනාව. මූලික වැටුපෙන් 1/20ක් ගෙවනවා ඒ දිනයකට. ඒ දීමනාව 1/30 දක්වා අඩුකරලා තියෙනවා. මේ සියලු කාරණා අද දවසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්වුණා. ඒකමතිකව මේ සියලු දෙනා එළඹුණු ප්‍රධානම තීරණය තමයි වහාම මේ කප්පාදු කරලා තියෙන දීමනා නැවත පෙර තිබූ අගයටම ගේන්න. මේ වැටුප් ගැටලුව ගැන සාකච්ඡා කරන්න කඩිනමින් අපි ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. එළඹෙන සතිය තුළවත් මේ සාකච්ඡාව ලැබිලා, මේ සම්බන්ධයෙන් උත්තර ලැබෙන්නේ නැතිනම් ඕනෑම ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වුණත් සූදානම් කියන තීරණය අද දවසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව ගත්තා”

Trending

Exit mobile version