තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
හදිසි මිලදී ගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවා ද ඒවාට වැයකර ඇති මුදල කොපමණද යන්න දැන ගැනීමට එම ලිපියෙන් අපේක්ෂා කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් හදිසි මිලදී ගැනීම්වලින් ඉවත්ව නොමැති බවයි.