Connect with us

පුවත්

IMF එක යළි VAT බදු අනුපාතය වැඩිකරන්න කියයි?

Published

on

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තම කාර්යභාරය දිගින් දිගටම පැහැරහරිමින් සිටීම නිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විවිධ ක්‍රමෝපාය තුළින් රටේ ආර්ථික ස්ථාවරත්වයකට ගෙන ඒමේ උත්සාහය අසාර්ථක වෙමින් ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා දැනට ලැබී තිබෙන නව දත්ත වලට අනුව, අගෝස්තු මස මැද වන විට බලාපොරොත්තු වූ බදු ආදායම එකතු කිරීමට අපොහොසත්වීම සෘජුවම ගැටලුවක් වී ඇති බව පැවසේ.

ලෝක ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාව තවමත් රටෙහි ආර්ථිකය ස්ථාවර කරගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින රටක් ලෙස සැලැකේ.

කුඩා සහ මධ්‍යම පරිමාණ බදුගෙවන්නන්ගේ ලිපි ගොනු සහිත ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල ඉතා ඉහළ දූෂණ මට්ටමක පැවතීම, ඒ සඳහා ප්‍රමාණවත් විනය කටයුතු ඉහළ පරිපාලනය නොගැනීම, ඉහළ නිලධාරීන්ගේ මිතුරු සබඳතා තුළ පහළ දූෂිත ඇතැම් නිලධාරීන්ට රැකවරණය ලැබීම, නිසි වෙලාවට බදු තක්සේරු නිකුත් කිරීමට තරම් කාර්යක්ෂම ලෙසින් නිලධාරීන් රාජකාරියෙහි නොයෙදීම, සහ RAMIS පද්ධතියේ අක්‍රිය වීම හේතුවෙන් 2018/2019 සිට ආරම්භ වන කාලය සඳහා බදු තක්සේරු නිකුත් නොවීම එම ආයතනයට බදු එකතු කර ගැනීම බිඳ වැටීමට හේතුවී ඇත.

මූල්‍ය දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා IMF විශාල අවධානයක් යොමු කරමින් කටයුතු කරන අතර ඔවුන් විශ්වාස කර සිටින්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද මේ සඳහා සහයෝගය දක්වනු ඇති බවයි.

ප්‍රාදේශීය කාර්යාලවල සිදුවන බොහෝ අයතා ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රධාන දෙපාර්තමේන්තුවේ Investigation සහ High Net Worth අංශ තුළින් රටට හිමිවන ආදායමට වඩා අහිමි වන ආදායම වැඩිව ඇති බවට ද මේවන විට චෝදනා එල්ලවී තිබේ.

කෙසේවුවද, ඇතැම් ඉහල නිලධාරීන් විසින් ලබාදෙන රැකවරණය නිසා මෙම තොරතුරු අනාවරණය නොවන තත්ත්වයක් මතුව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙහි තත්ත්වය තවත් බරපතලවී ඇත්තේ IMF නියෝජිතයින් පවා මුලා කරමින් කතා කිරීමට, දත්ත ලබාදීමට වෙනස්ම ක්‍රමවේද භාවිතා කිරීමට තරම් ඇතැම් නිලධාරීන් සටකපටි වී සිටීම නිසා බවද පැවසේ.

මෙම තත්වය තුළ වත්මන් රටේ ආදායම් ඉලක්කයන්ට තර්ජනයක් එල්ල වී ඇති අතර ඊට විසඳුම ලෙසින් IMF විසින් යළි වැට් බදු අනුපාතය ඉහළ නැංවීමට කටයුතු කලහැකියයි සැකයක් මතු වී ඇති බවද වාර්තා වේ. 

එසේ නැවත වැට් බදු වැඩිවීමක් සිදුවුවහොත් ඉන් පීඩා මධ්‍යම සහ අඩු ආදායම් ලබන ජනතාව පීඩාවට ලක්වන බව ආර්ථික විශ‍ේෂඥ මතය වේ.

බදු එකතු කිරීම සහ බදු බලාත්මක කිරීමට නිසි සැලසුමක් සහිතව කටයුතු කිරීම, දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය නොපැකිලව ක්‍රියා කිරීම, බදු ගෙවන්නන්ගේ විශ්වාසය වැඩිකිරීමට හැකි පරිදි කටයුතු කිරීමට වැඩ පිළිවෙලක් සකසා ක්‍රියා කිරීම , RAMIS පද්ධතිය කඩිනමින් කාර්යක්ෂම ලෙසින් සකසා ගැනීමට විනිවිධ භාවයෙන් යුතු කණ්ඩායමක් යෙදවීම මගින් අදාළ තත්ත්වයන් මඟහැරවීමට හැකි බවද ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.

එය බදු දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිරූපය ගොඩ නැංවීමටත් අවසානයේ රටට වුවමනා ආදායම එකතු කරගැනීමටත් රුකුලක් වනු ඇතැයි ද ඔවුහු කියති.

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved