ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (31) දින දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ඔකමුරා මහතා මැයි 31 – ජුනි 01 දක්වා මෙරට සංචාරය කරන බවය.
කෙන්ජි ඔකමුරා මහතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලෙහි මෑත කාලීන ප්රවණතා, ඉදිරියේ දී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා හා ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් මෙම සංචාරය අතරතුරදී පැවැත්වීමට ද නියමිතය.