Connect with us

පුවත්

“IMF මූල්‍ය පහසුකමට ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍යයි”

Published

on

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම අනුමත කිරීම සඳහා අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් සහතිකයක් තවමත් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා ඇත.

ඉන්දියාව විසින් සපයන ලද සහතිකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය පිළිගන්නා බව IMF ප්‍රකාශකයෙකු පවසා ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දිගින්දිගටම සිය ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධ වී සිටින බවත්, දේශීය ප්‍රතිසංස්කරණ ඉදිරියට සිදුකරගෙන යන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඇතුළුව, ප්‍රමාණවත් සහතිකයන් ලබාගැනීමෙන් හා ඉතිරි අවශ්‍යතා සපුරාගත් වහාම, ශ්‍රී ලංකාව සඳහා මෙම මූල්‍ය පහසුකම සඳහා අනුමැතිය ලබාගැනීමට IMF හි විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකි බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

පැරිස් සමාජය සහ ඉන්දියාව විසින් ණය ප්‍රතිව්‍යුහතකිරීම සඳහා මේ වන විටත් IMF වෙත සහතිකයක් ලබාදී ඇති අතර, ණය කාලය දීර්ඝ කිරීමට චීනය එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 50 ක් පමණ වන අතර, 2022 දෙසැම්බර් මාසයේදී රජය විසින් නිකුත් කළ දත්ත අනුව, ඉන් ඩොලර් බිලියන 10 ක් පමණ ප්‍රධාන වශයෙන් චීනය, ජපානය සහ ඉන්දියාව හට ගෙවිය යුතු ණය මුදල් වේ.

(මූලාශ්‍රය : බ්ලූම්බර්ග්)

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved