පුවත්

ඇල්ෆා ටොක්සින් යට ගිහින් ඉන්දීය බඩ ඉරිඟු උඩඑයි!

Published

on

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බඩඉරිඟු බීජ ගොවීන්ට නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමට වහාම කටයුතු කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස්දීම නිසා එම නිලධාරීන් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ජාතික මෙහෙයුම් කමිටු රැස්වීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (13) පැවැත්වූ අවස්ථාවේදී අගමැතිවරයා මෙලෙස උපදෙස් දී තිබේ.

මීට ඉහතදී ඇෆ්ලටොක්සීන් පවතින බවට නිලධාරීන්ගේ අවධානය යොමුවීම හේතුවෙන් මේ ඉඩ ඉරිඟු තොගය බෙදා හැරීම අත්හිටුවා තිබිණි.

කෙසේවුවද, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වාදී තිබුණේ එය කටකතාවක් බවයි.

ගොවීන්ට අවශ්‍ය බීජ නිකුත් කිරීමේදී යම් තහනමක් තිබේ නම් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට හෝ තමාට දැනුම් දිය හැකිව ඇතැයි ද බීජ නිදහස් කිරීම ප්‍රමාද කිරීමට පෙර කුමන ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව එම බීජ පරීක්ෂා කළා ද යන්න පිළිබඳ දැනුම් දිය යුතුව ඇතැයි ද අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කිරීම හේතුවෙන් එම නිලධාරීන් උගතෝකෝටික ගැටලුවකට මැදිව සිටින බව පැවසේ.

තිරසර සංවර්ධන ඉලක්කවලට ඇතුළත් සමාජ සුරක්ෂිතතාවය පිළිබඳ අදහස් දැක්වූ අගමැතිවරයා ඉතා සුළු කාරණා සම්බන්ධයෙන් පවතින නඩු දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යාම රට පුරාම දහස් ගණන් ජනතාව මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක් බවත් මෙය ජනතාවට අනවශ්‍ය කරදරයක් මෙන්ම අනවශ්‍ය වියදමක් බවත් පෙන්වා දුන්වාදී ඇත.

චක්‍රලේඛවලට පමණක් සීමා නොවී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ වැඩසටහන් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කළ යුතුව ඇතැයි ද අගමැතිවරයා පවසා ඇත.

ජාත්‍යන්තර මෙන්ම ජාතික ඉලක්ක සපුරාලීමට දරන උත්සාහයට මතුව ඇති ගැටලු අධ්‍යයනය කර ගම් මට්ටමේ සිට ආයතන රාශියක් ඉහළට ගමන් කිරීමට එකමුතුවෙන් වැඩ කරන ක්‍රියාදාමයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව ද අගමැතිවරයා සඳහන් කර ඇත.

එම සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සරත් ඩෑෂ් මහතා 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 385 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

Trending

Exit mobile version