පුවත්

ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා මියයයි

Published

on

ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ලෙස සැලකෙන ශ්‍යාම් සරන් නේගි නම් පුද්ගලයා ඊයේ (05) මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය යටත්විජයතයක් ලෙස පැවති ඉන්දියාව නිදහස ලබා පැවත්වූ පළමු මහ මැතිවරණයේදී සිය ඡන්දය භාවිතා කළ පළමු පුද්ගලයා මොහු යැයි සැලකේ.

හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයට වැටෙන අධික හිමපතනය හේතුවෙන් 1952 මහමැතිවරණය පැවැත්වීමට පස් මාසයකට පෙර එම ප්‍රාන්තයේ ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එතැන් පටන් ශ්‍යාම් මහතා පැවැත්වුණු සෑම ඡන්ද විමසීමකදීම ඡන්දය ලබා දී ඇති අතර, ඔහු අවසන් වරට ඡන්දය ප්‍රකාශ කර තිබුණේ මියයාමට දින 03කට පෙරාතුවයි. ඒ, හිමාචල් ප්‍රදේශ් හි පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙනි.

වසර 2014දී පැවති මහමැතිවරණයේදී සිය ඡන්දය භාවිතා කරන මෙන් මහජනතාව දිරිමත් කිරීමට ඉන්දීය මැතිවරණ කොසමසාරිස් කාර්යාලය විසින් සිය සන්නාම තානාපතිවරයෙකු ලෙසද ශ්‍යාම් මහතාව පත්කරගෙන තිබුණි.

ඊයේ දින මහජන රැළියකදී අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද ශ්‍යාම් මහතාට උපහාර දැක්වූයේය. ශ්‍යාම් මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ ගමමානයේදී සිදුකෙරෙන බවද මෝදි අගමැතිවරයා මෙහිදී පවසා තිබුණි.

Trending

Exit mobile version