ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර තිබේ.
ඊයේ (16) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණය අනුව එම පත් කිරීම සිදුකර ඇත.
මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වූ පී ඒ සත්‍යය ලිංගම් මහතාය.
ඔහු මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන බැවින් මධ්‍යම කාරක සභාව විසින් ඊයේ (16) දිනයේදී එම්. ඒ සුමන්දිරන් මහතා වැඩ බලන නව මහ ලේකම්වරයා වශයෙන් පත්කිරීම සිදුකළ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සඳහන් කරයි.