Connect with us

පුවත්

ජපානයෙන් ලංකාවට ජපන් වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

Published

on

වත්මන් ආර්ථික අර්බුදය යටතේ තිරසාර වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහ කොවිඩ්-19 වසංගතය බෝවීමට එරෙහිව ඇති සූදානම ශක්තිමත් කිරීමට සහාය වීම වෙනුවෙන් අද (27) මෙරට සිටින ජපන් තානාපති මිසුකොෂි මහතා විසින් මිලියන 800 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක්) වටිනා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට සහ රාගම ශික්ෂණ රෝහලට ලබා දී තිබේ.

මෙම අවස්ථාව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිනි.

මෙම ව්‍යාපෘතිය හරහා ජපානය, එම්. ආර්. අයි. (MRI) ස්කෑනර, සීටී (CT) ස්කෑනර, ඇන්ජියෝග්‍රැෆි උපකරණ, මධ්‍යම මොනිටර (central monitor) සහ ඇඳ අසල තබන මොනිටර (bedside monitors) ඇතුළු නවීන ජපන් වෛද්‍ය උපකරණ රාශියක් ලබා දී ඇත. මෙම උපකරණ ශ්‍රී ලංකාවේ දැනට සිදුවෙන මරණවලට විශාලතම හේතුවක් ලෙස සහ බරපතල අභියෝගයක් වන බෝ නොවන රෝග වැනි නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. මෙම සීටී ස්කෑනර් යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට හඳුන්වා දුන් එවැනි ආකාරයේ පළමුවැන්න වන අතර එමගින් දිනකට සාමාන්‍යයෙන් බාහිර රෝගීන් 1500 කට පමණ ප්‍රතිකාර කල හැකි අතර එය අලුතින් ඉදිකරන ලද බාහිර රෝගී අංශයේ ස්ථාපනය කර ඇත.

“කොවිඩ්-19 වසංගතය මෙන්ම වර්තමානයේ ඇතිවී ඇති බරපතල ආර්ථික අර්බුද තත්වයන් හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝග රාශියක් හමුවේ විවිධ අවශ්‍යතා යටතේ ජීවත් වන ශ්‍රී ලංකාවේ ජනතාවට උසස් සහ තිරසාර වෛද්‍ය සේවාවන් සැපයීමට මෙම නව උපකරණ කට්ටල උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වන,” බව නිවේදනයක් නිකුත් කරමින් ජපන් තානාපති කාර්යාලය පවසයි.

පුවත්

ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම ඉවතට

Published

on

By

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

උදය ගම්මන්පිල මහතා සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, ඉකුත් මාර්තු මස 24 වනදා කොළඹ මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවය.

ඒ අනුව තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා උදය ගම්මන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට නියෝග කළේය.

Continue Reading

පුවත්

හජ් උත්සව දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්

Published

on

By

2025 ජුනි 06 සහ 2025 ජුනි 09 යන දිනවල මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම ඉදිරියේදී සිදුකරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව තුල කලා – සංස්කෘතික කටයුතු පිළීබද මන්ත්‍රී සංසදයක් පිහිටුවීමේ යෝජනාවක්

Published

on

By

දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළීබද මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සදහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කරන ලදි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්න සහ රුවන් මාපලගම යන මහත්වරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනාව පිළිබද සළකා බලා ඉදිරි කටයුතු කිරීම සඳහා මීළගට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved