පුවත් ජපානයෙන් ලංකාවට ජපන් වෛද්‍ය උපකරණ ප්‍රදානයක් Published 3 years ago on October 27, 2022 By editor වත්මන් ආර්ථික අර්බුදය යටතේ තිරසාර වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහ කොවිඩ්-19 වසංගතය බෝවීමට එරෙහිව ඇති සූදානම ශක්තිමත් කිරීමට සහාය වීම වෙනුවෙන් අද (27) මෙරට සිටින ජපන් තානාපති මිසුකොෂි මහතා විසින් මිලියන 800 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක්) වටිනා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට සහ රාගම ශික්ෂණ රෝහලට ලබා දී තිබේ. මෙම අවස්ථාව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිනි. මෙම ව්‍යාපෘතිය හරහා ජපානය, එම්. ආර්. අයි. (MRI) ස්කෑනර, සීටී (CT) ස්කෑනර, ඇන්ජියෝග්‍රැෆි උපකරණ, මධ්‍යම මොනිටර (central monitor) සහ ඇඳ අසල තබන මොනිටර (bedside monitors) ඇතුළු නවීන ජපන් වෛද්‍ය උපකරණ රාශියක් ලබා දී ඇත. මෙම උපකරණ ශ්‍රී ලංකාවේ දැනට සිදුවෙන මරණවලට විශාලතම හේතුවක් ලෙස සහ බරපතල අභියෝගයක් වන බෝ නොවන රෝග වැනි නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. මෙම සීටී ස්කෑනර් යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට හඳුන්වා දුන් එවැනි ආකාරයේ පළමුවැන්න වන අතර එමගින් දිනකට සාමාන්‍යයෙන් බාහිර රෝගීන් 1500 කට පමණ ප්‍රතිකාර කල හැකි අතර එය අලුතින් ඉදිකරන ලද බාහිර රෝගී අංශයේ ස්ථාපනය කර ඇත. “කොවිඩ්-19 වසංගතය මෙන්ම වර්තමානයේ ඇතිවී ඇති බරපතල ආර්ථික අර්බුද තත්වයන් හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝග රාශියක් හමුවේ විවිධ අවශ්‍යතා යටතේ ජීවත් වන ශ්‍රී ලංකාවේ ජනතාවට උසස් සහ තිරසාර වෛද්‍ය සේවාවන් සැපයීමට මෙම නව උපකරණ කට්ටල උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වන,” බව නිවේදනයක් නිකුත් කරමින් ජපන් තානාපති කාර්යාලය පවසයි. Related Topics:aidFeaturedJapanlkamedicineSriLanka Trending පුවත්4 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න