Connect with us

පුවත්

“LGBTQI ප්‍රජාවේ ප්‍රශ්නය ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු ත‌ේරුම් ගත්තා”

Published

on

ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ඉකුත් ඉරිදා (ජුනි 4) මේ වසරේ ‘ප්‍රයිඩ් මාසය’ සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලූපිටිය දක්වා පා ගමනින් ගමන් කළහ.

ඒ් ජුනි මාසයට යෙදී ඇති සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය “ප්‍රයිඩ්” (අභිමානය) මාසය සැමරීම සදහාය.

මේ පාගමන ‘නිදහසේ අභිමානී පා ගමන’ (Freedom Pride Parade) යනුවෙන් නම් කොට තිබුණි.

 LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.

(LGBTQ+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ).

සමාජ ක්‍රියාකාරිණි චානු නිමේෂා පා ගමන ආරම්භයට පෙර මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ “අපට සාධාරණ යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා අපි සටන් කරනවා අපේ ජනතාවට සමානාත්මතාව නෑ සමාජයේ විවිධ උසුළු විසුළුවට ලක් වෙනවා රැකියාවක් කිරීමට හැකියාවක් නෑ”

“ලෝකය පුරා මනෝවිද්‍යාඥයන් කියලා තියෙනවා මෙය ලෙඩක් නොවෙයි සමලිංගිකත්වය මාර එකක් නොවේ එයට ඉඩ දිය යුතු බව පවසා තිබෙනවා.අපේ ප්‍රජාවේ බොහෝ පිරිසක් සිය දිවි නසා ගැනීම වැඩියි මානසික ආතතිය නිසා. අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්‍රශ්නය” යනුවෙනි.

මූලාශ්‍රය – බීබීසී සිංහල

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved