MR කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කර තිබේ.
විමුක්ති රණසිංහ නමැත්තා තමාට තර්ජනය කර කප්පම් ඉල්ලූ බවට චෝදනා කරමින් MR කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක මහරගම පොලීසියට සිදු කළ පැමිණිල්ලක් අනුව මහරගම පොලීසිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
කෙසේවෙතත්, වසරක කාලයක් ගත වී තිබුණත් විමුක්ති රණසිංහට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර නොතිබීම හේතුවෙන් ඔහු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීන්දු කලේය.
ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරිය සඳහන් කළේ මෙම චෝදනා සඳහා මුල් අවස්ථාවේදීම කිසිදු සාක්ෂියක් නොතිබූ අතර පොලීසියට කළ බලපෑමක් හරහා මෙම නඩුකරය ගොනු කර ඇති බවය.
මෙලෙස අසත්‍ය චෝදනා එල්ල කරමින් තමාගේ පෞද්ගලිකත්වයට සිදු කළ හානියට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව විමුක්ති රණසිංහ පවසයි.
“විරාජ් වික්‍රමනායකට විරුද්ධව මේ සමාජයේ කතිකාවක් ගියා ඔහු කළු සල්ලි සුදු කරනවා කියලා, ඉතාමත් කෙටි කලකින් මේ ව්‍යාපාරයක් වෙන්නේ කොහොමද කියලා කතාවක් ගියා, ඒ කතාබහ මමත් කතාබහ කරන්න පටන් ගත්තා, එතකොට මෙ කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක, මම කතා කරන එක නවත්වන්න මට අසත්‍ය පැමිණීල්ලක් ගොනු කළා, ඒ අසත්‍ය පැමිණීල්ල ගොනු කරලා පැය කිහිපයක කාලයක් ඇතුළත මාව අත්අඩංගුවට අරගත්තා, නීතියේ අතුරු සිදුරු පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ දේශපාලන අභිමතයන් පෙන්නන්න උත්සාහ කළා. ඒ නඩුව අවුරුද්දක් දක්වා කාලයක් ඇදිලා ගියා. මම බලාපොරොත්තු වෙනවා මගේ චරිතයට වුණු හානියට…අනිවාර්යයෙන්ම අධිකරණයේ පිහිට පතනවා, හානි පූර්ණයක් ඉල්ලලා වන්දි නඩුවක් දානවා”
සබැඳි පුවත්