Connect with us

පුවත්

NMRA ප්‍රධාන විධායක නිලධාරියා දොට්ට

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ගුණසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යංශයේ  සේවයට කැඳවූ බවයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පාර්ශව කිහිපයකට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල විය.

ඒ අනුව එහි සභාපතිවරයා පසුගියදා ඉවත් කර, එම තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කෙරුණි.

කෙසේ වෙතත් ඉන් අනතුරුවද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා ආයතනයේ සංවේදී තොරතුරු ඇතුළත් ලියකියවිලි රැසක් විනාශ කළ බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා එල්ල කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන්  මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර තිබේ.

(මූලාශ්‍රය : නිව්ස් ෆස්ට්)

පුවත්

අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න

Published

on

By

ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කර තිබේ.

ඊ පාස්පෝට් ටෙන්ඩරය මිලදී ගත් සමාගමෙන් චීපය රහිත පාස්පෝට් ප්‍රමාණයක් ලබන ඔක්තෝබර් 20 වැනිදාට පෙර ලැබෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව සාමාන්‍ය පරිදි පාස්පෝට් මුද්‍රණය කළ හැකි බවද ටිරාන් අලස් මහතා කියා සිටියේය.

ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ශේෂ වීම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට උද්ගත වී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කලේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2003 වසරේ සිට වසර විස්සක කාලයක් හිස් පාස්පෝට් පොත් මිලියන 11 ක් ලබාදී ඇති බවත්, විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම් වලින් ඊ පාස්පෝට් සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් ඔහු එහිදී කියා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ සමාගම් තුනකින් තෝරාගත් සමාගමකින් පාස්පෝට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 5.6 ක ලංසුවකට මිලදී ගැනීමට තීරණය කළ බවයි ඔහු අවධාරණය කළේය.

එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේදී ලැබීමට තිබුණත් හිස් පාස්පෝට් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලූ බවද ටිරාන් අලස් මහතා පැවසීය.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බවටද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් රජයට චෝදනාවක් එල්ල කලේය.

මේ එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා,

“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි.. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්.. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා.. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි.. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා.. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට.. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා.. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ.. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට.. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට.. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි.. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා.. මේවා අමූලික බොරු.. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා..”

Continue Reading

පුවත්

වසා දැමූ අධිවේගී පිවිසුම යළි විවෘත කෙරේ (UPDATE)

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ ඇති වූ ගින්නකින් වාහනයක් ගිනිගෙන තිබුණි.

ඒ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.


(පෙර පුවත 2024 සැප්තැම්බර් 10, පෙ.ව.10:44)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ, ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුව මාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බවය.

Continue Reading

පුවත්

ත්‍රීරෝද රථයක බිළිඳු මළ සිරුරක්

Published

on

By

ත්‍රීරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබියදී බිළිඳු මළසිරුරක් හමු වූ බව ආගරපතන පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ගාල් කර තිබූ ත්‍රිරෝද රථයකින් දැඩි දුගන්ධයක් හමන බවට එම ත්‍රීරෝද රථයේ රියදුරාගේ මව ඒ පිළිබඳව සොයා බලා ඇති බවය.

එහිදී  ත්‍රීරෝද රථයේ පිටුපස තිබී මෙම බිළිඳු මළ සිරුර හමුවී වී ඇති බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

ත්‍රීරෝද රථයේ රියදුරු එම වතුයායේම පදිංචිකරුවෙක් බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved