ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ එහි අධ්යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ගුණසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවයට කැඳවූ බවයි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පාර්ශව කිහිපයකට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල විය.
ඒ අනුව එහි සභාපතිවරයා පසුගියදා ඉවත් කර, එම තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කෙරුණි.
කෙසේ වෙතත් ඉන් අනතුරුවද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා ආයතනයේ සංවේදී තොරතුරු ඇතුළත් ලියකියවිලි රැසක් විනාශ කළ බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා එල්ල කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර තිබේ.
(මූලාශ්‍රය : නිව්ස් ෆස්ට්)