Connect with us

පුවත්

 NMRA සභාපති ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට දින නියම කරයි

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මැකී යාම ඇතුළු සංවේදී කරුණු කීපයක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අවස්ථාවක එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු එම තනතුරේ කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමියන් විසින් ගොනුකර තිබෙන පෙත්සම මැයි මස 07 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය. 

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ කැදවන ලදී. 

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහාත් මැයි මස 07 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය. 

එදිනට පෙර වග උතරකරුවන් වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දෙන ලදී. 

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු එහි සාමාජිකයින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. 

පෙත්සම්කරු කියා සිටින්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කර සිටින වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතා 2022 වසරේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එක් වරක් ඉවත් කළ සමාජිකයකු නැවත එම අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් පෙත්සමෙන් කියා තිබේ. 

පාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා කමිටුවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමේ සිද්ධිය පදනම් කරගෙන ඔහු ඉවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

එසේම මහත් ආන්දෝලනයකට තුඩු දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මැකියාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර විමර්ශනයක් පැවැත්වෙන බවත් එම අධිකාරියේ දත්ත ගබඩාවට අනවසරයෙන් ප්‍රවේශ වීම සිද්ධියක් සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සාමූහිකව වගකීමට වග උත්තරකාර සභාපතිවරයා බැඳී සිටින බවත් සඳහන් කර සිටිති. 

වග උත්තරකාර වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමේදී විෂය භාර අමාත්‍යවරයා ඉහත කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බවත් අත්තනෝමතික ලෙස සිය බලය ක්‍රියාවේ යොදවමින් ඔහු සභාපති ධුරය සඳහා පත්කිරීමට අමාත්‍යවරයා ක්‍රියාකර ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ. 

එසේම ඉකුත් කාලයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත චෝදනා එල්ල වී තිබෙන බවත් පෙත්සම්කරු සදහන් කරයි. 

මෙවැනි වාතාවරණයක් හමුවේ වග උත්තරකාර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඒ මහතා අදාල ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වන තෙක් වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved