මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ද පවුල්වාදයට උඩගෙඩි දී ඇති බවට මේවන විට චෝදනා එල්ලවෙමින් තිබේ.
ඒ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කළ ලයිස්තු දෙකක් නිසාය.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අතර ඔහුගේ පුත් චතුරංග අබේසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම ඒ අතරින් වඩාත් කතාබහට ලක්ව තිබේ.
එසේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවට ඇතුළත් කරද්දී ඔහුගේ බිරිඳ වන සමන්මලී ගුණසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටීම ද විශේෂිතය.
මූලාශ්‍රය – සති අග අරුණ