පුවත්

O/Level  විභාගය අද සිට ඇරඹේ

Published

on

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17 වැනිදා) ආරම්භ කෙරේ.

අයැදුම්කරුවන් 474,147 දෙනෙක් මෙවර විභාගයට අයැදුම් කර ඇති අතර ඉන් 398,182 දෙනෙක් පාසල් අයැදුම්කරුවෝය. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී විභාගය පැවැත්වෙන අතර විභාගය අවසන් වන්නේ මෙම මස 26 වැනිදාය.

ජංගම දුරකථන, සුහුරු අත් ඔරලෝසු ඇතුළු කිසිදු සන්නිවේදන උපකරණයක් ළඟ තබා ගැනීම අයැදුම්කරුවන්ට තහනම් වන අතර එම තහනම කඩ කරන අයැදුම්කරුවන්ට වසර පහක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

Trending

Exit mobile version