Connect with us

පුවත්

On Arrival වීසා ගැටලුව ගැන ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Published

on

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන්  ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තිබේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,

නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ දී පසුගිය නොවැම්බර් 23 වන දින විවාදයකින් තොරව ඒකමතිකව  සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත්  ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් පැවසු අමාත්‍යවරයා,

“ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතාව ගියේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්. double entry Visa එකක්. හැබැයි එතැනදි පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබුණා. අපි මේක පාස් කරපු වෙලාවේ ඒක සිස්ටම් එකට දාන්න බැරි වුණා. ආපහු පාර්ලිමේන්තුවට යන්න වුණා ඒ නිසා. අපිට ගැසට් එකක් ගහන්න බෑ පාර්ලිමේන්තුවට යන්නේ නැතුව. මම රට යන්න කලින් රෙසිඩන්ඩ් වීසා එකක් එක්ක 50 එක පාස් කරලා ගියේ. ඒක සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳලා. single entry visa එක දවස් 30ක ඩොලර් 50යි.”

“VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා. මැයි 1 ප්‍රශ්නය පටන් ගත්තේ. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ලාංකිකයින්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක් කරන එක විතරයි. “

පුවත්

පියුමිගේ පුතාට ඇප; පහර කෑ අය තවමත් රෝහලේ

Published

on

By

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

Continue Reading

පුවත්

කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ බිරිය මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් ඵලා ගිහින්!

Published

on

By

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.

Continue Reading

පුවත්

ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස මියගොස් ඇත්තේ පසුගිව 11 වැනිදා බවද වාර්තා වේ.

මෙම ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දි නම් ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මේ අතර මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පළායමින් සිටියදී කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

කෙසේ නමුත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved