පුවත්

OnmaxDT වංචාවේ සැකකරු රිමාන්ඩ් (Update)

Published

on

OnmaxDT පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ ගයාන් වික්‍රමතිලක නම් සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කර තිබේ

මෙම නියෝගය නිකුත්කර ඇත්තේ සැකකරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

(පෙර පුවත 2025 පෙබරවාරි21 පෙ.ව.8.40)


OnmaxDT මූල්‍ය වංචාවේ මහ මොළකරු ගයාන් ඩුබායි හිදී අල්ලයි!

OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු මෙන්ම මහ මොළකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව සැකකරුව අද (21) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් ඇත.

නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී තිබේ.

Trending

Exit mobile version