Connect with us

පුවත්

Onmax DT සභාපති සෑම් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ

Published

on

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් නොහොත් ‘සෑම් බස්නායක’ යන අය මෙරට ජනතාව එම සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් කෝටි 1500ක පමණ මුදලක් සිය අන්තර්ජාල ගිණුමේ (බයිනෑන්ස් වොලට්) තැන්පත් කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

මේ වන විට ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනු කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

සෑම් බස්නායක යන අය මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඔහුට අයත් අතත්‍ය මුදල් ගිණුමේ (බයිනෑන්ස් වොලට්ටුවේ) අතත්‍ය මුදල් (ක්‍රිප්ටෝ කරන්සි) යූඑස්ඩීටී හතළිස් හත් ලක්ෂ අනූදහස් හයසිය අසූ පහක මුදලක් (USDT 4790685) (එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1500ක් පමණ) තැන්පත්ව ඇති බවත් එම මුදල් මෙරට ජනතාව ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමට ආයෝජනය කළ, පිරමිඩාකාර ගනුදෙනුවලින් උපයාගත් ඒවා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. 

ඔන්මැක්ස් ඩී.ටී පුද්ගලික සමාගමේ සභාපතිවරයා වන සෑම් බස්නායක යන අය සමඟ මෙම පිරමීඩ වංචාවට හවුල් වී ඇති ජෝර්ජියානු ජාතිකයකු වන කකබර් අස්ලානිස්විලි නමැත්තාගේ නමින් තිබූ අතත්‍ය මුදල් ගිණුමක (බයිනෑන්ස් වොලට්ටුවේ) අතත්‍ය මුදල් (ක්‍රිප්ටෝ කරන්සි) යූඑස්ඩීටී දාහත් ලක්ෂ අනූ පන්දහස් හාරසිය හැට අටක මුදලක් (USDT 1795468) (එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 592ක් පමණ) තැන්පත්ව ඇති බවත් එම මුදල් ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ ගිණුම්වලින් හුවමාරු වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. 

2021 වර්ෂයේ සිට මේ දක්වා මෙම පිරමීඩ වංචාව සිදුවෙමින් පවතින අතර අතත්‍ය මුදල් සහිත මෙම ගිණුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර අධ්‍යක්ෂ තරිඳු ගයාන් මහතා සමීක්ෂණයක් සිදු කර ඇති බවත් එහිදී ඔන්මැක්ස් වෙබ් අඩවියට ඇතුළත් කරන අන්තර්ජාල මුදල් ගිණුම් සහිත ලිපින විනාඩි 05කට වතාවක් වෙනස් වන බවට හඳුනාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඔන්මැක්ස් ඩීටී සමාගමේ වෙබ් ගිණුමේ ක්‍රිප්ටෝ ලිපින 5560ක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අතර එහි තිබූ ලිපින 479ක තිබූ අතත්‍ය මුදල් ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි දාහත්ලක්ෂ හැටනව දහස් නවසිය පහක මුදලක් මෙම නඩුවේ සැකකරුවකු වන ඔන්මැක්ස් ඩීටී හි අධ්‍යක්ෂවරයකු වන සාරංග රන්දික ජයතිස්ස යන අයගේ අතරමැදි ගිණුම් 04කට මාරුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම නඩුවේ සිව්වැනි සැකකාර සාරංග රන්දික ජයතිස්ස යන අය විසින් මෙරට මුදලින් රුපියල් කෝටි 300කට අධික මුදල් ප්‍රමාණයක් ඍජුවම සෑම් බස්නායක යන අයගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සබැඳි පුවත් :

OnmaxDT හැදුව මෘදුකාංග ඉංජිනේරුවා අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක් – Sri Lanka Mirror – Right to Know. Power to Change

Onmax DT තැන්පත්කරුවන් විරෝධයේ (වීඩියෝ) – Sri Lanka Mirror – Right to Know. Power to Change

OnmaxDT ලක්ෂ 17ක වංචාවක් කළ බවට තවත් නඩුවක් අධිකරණයට – Sri Lanka Mirror – Right to Know. Power to Change

අත්අඩංගුවට ගත් ONMAX DT ලොක්කන්ට ඇප – Sri Lanka Mirror – Right to Know. Power to Change

අත්අඩංගුවට ගත් ONMAX DT ලොක්කන්ට ඇප – Sri Lanka Mirror – Right to Know. Power to Change

CIDයට කුදලන් ආ Onmax DT සෙට්එක රිමාන්ඩ්  – Sri Lanka Mirror – Right to Know. Power to Change

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved