Connect with us

පුවත්

OnmaxDT හැදුව මෘදුකාංග ඉංජිනේරුවා අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

Published

on

රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළැයි චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලිකසමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය විවෘත වරෙන්තුවක් ඊයේ (11) නිකුත් කළේ ය.

මෙම පිරමීඩ ජාවාරමේ මහ මොළකරුවකු බව කියන ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානිස් විලීස් නමැති අය සහ පිරමීඩ නඩුවේ 06 වන සැකකරු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කර ඇප ලැබීමෙන් අනතුරුව මෙරටින් පලා ගොස් තිබෙන ඔන්මැක්ස් ඩී.ටී. පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කරන ලද ‘‘වී ටෙක්’’ මෘදුකාංග ආයතනයේ හිමිකරුවන මෘදුකාංග ඉංජිනේරු ගයාන් චාමර වික්‍රමතිලක යන දෙදෙනාද ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් මත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම නියෝග නිකුත් කළේ ය.

අදාළ විවෘත වරෙන්තු ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කළේ ය.

මෙම මහා පරිමාණ පිරමීඩ ජාවාරම ඉකුත් 2022 වසරේ සිට කර තිබෙන බවත්, මෙම ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කළ මූල්‍ය ආයතනයක් ලෙස නම්කර පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවද දිගින් දිගටම පිරමීඩ ජාවාරම කර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සබැඳි පුවත්:

OnmaxDT ලක්ෂ 17ක වංචාවක් කළ බවට තවත් නඩුවක් අධිකරණයට
පිරමීඩ ජාවාරම ව්‍යාප්ත කරන්න හවුල්වූ අයෙකුගේ BMW කාරයට ගිනිතියලා

Onmax DT වංචාව ගැන ජනපතිට රහස් ලිපියක්; ඇමති පුතෙකුටත් චෝදනා!

Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා 
Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved