Connect with us

පුවත්

පුංචි ඡන්ද කල්දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරදන්න විපක්ෂය එක්වෙයි

Published

on

“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව පසුගියදා ඒකමතිකව සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුව මෙම ගිවිසුමට අත්සන් තැබුණි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

නිදහස ජාතික සභාව විසින් සංවිධාන කර තිබුණු මෙයට, ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තු කමිටු කාමරයක පැවති මෙම සාකච්ඡාවට සහභාගී වුණි.

එම පක්ෂවලට අමතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved