පුවත්

PHI ඝාතනයේ වෙඩික්කරු බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

අල්පිටිය, පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණි.

මෙම ඝාතනයට ඔත්තු බැලූ බවට සැක පිට පසුගිය මැයි 06 වැනි දින රටින් පලා යෑමට උත්සාහ කරමින් සිටියදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සබැඳි පුවත්

PHI සංගමයේ භාණ්ඩාගාරික වෙඩිතබා මරා දමලා

Trending

Exit mobile version