ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා අද (26) උදෑසන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස දිවිතුරුගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මේ වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පිවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන දීපාල් රොෂාන් කුමාර නැමැති 51 හැවිරිදි තිදරු පියෙකි.
මේ අතර, ඔහුගේ පුද්ගලික දුරකථනයට හෝ නිවසේ දුරකථනයට ඇමතුම් ලබා නොගන්නා ලෙස පොලිසිය ඉල්ලා සිටියි.