Connect with us

පුවත්

RAMIS වලින් හැලුන දැඩිගම උකස්කරුවෝ එංගලන්තයේ හෝටලයක් ගනියි

Published

on

රටපුරාම උකස් මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන දැඩිගම සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ ඩර්බි නගරයේ ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය මිලදී ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙවැනි ශ්‍රේණියේ හෝටලයක් ලෙස ශ්‍රේණිගත කර ඇති කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ රශ්මි දැඩිගම සහ ලැවැන්ඩිශ් ලෙෂර් සමාගමේ පීටර් කැරන් විසින් මිලදී ගනු ලැබ ඇති බවත් ගනුදෙනුවේ වටිනාකම හෙළි කර නොමැති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍යවල දැක්වේ.

දෙවැනි එළිසබෙත් රැජින 2010 වසරේදී ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලයෙන් ආහාර ගෙන ඇති බවත් එහිදී ඇය හෝටලයේ සුපවේදියාට ලබාදුන් ප්‍රණීත ආහාර වේල වෙනුවෙන් ස්තුති කර ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

මේ හෝටලය නිදන කාමර 38 කින් යුක්ත බවත් මීට පෙර වරකදී මෙම හෝටලය පොලිස් ස්ථානයක් ද වී ඇති බවත් පැවසේ.

ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ මිලදී ගත් දෙවැනි හෝටලය මෙය බවත් 2005 වසරේ සිට එම සමාගම හෝටල් 8 ක් මිලදී ගෙන ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කර තිබේ.

මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වේගවත් කිරීමට ස්ථාපිත කෙරුණු පරිගණකගත ආදායම් කළමනාකරණ පරිපාලන තොරතුරු පද්ධතිය (RAMIS)ට දැඩිගම සමූහ ව්‍යාපාරය ඇතුළත් නොකිරීමට එහි ප්‍රධානීන් විසින් කටයුතු කිරීමේ සිද්ධියක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්
දැඩිගමලා හැලුව කොමිස් RAMIS තවත් තුන් අවුරුද්දකට දික් කරලා

දැඩිගම මුදලාලි දුටු තැන අල්ලන්න පොලිසිය සොයයි 

දැඩිගම මුදලාලි අපේක්ෂිත ඇප ඉල්ලයි; රට පැනලද සැකයක් 

දැඩිගම ගෲප් RAMIS එකෙන් හැලුවේ කවුද?

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved