පුවත්

22 තෙවැනි වර කියවීමත් සම්මතයි (Update)

Published

on

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණු අතර, එම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 174ක් හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමිවූයේ නැත. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතවූ බව කථානායකවරයා සභාවට දැනුම් දී සිටියේය.

(පෙර පුවත 2022.10.21 ප.ව.06:39)

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණි.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් සහ විපක්ෂව ඡන්ද 01ක් හිමිවිය.

කථානායකවරයා පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත බව සභාවට දැන්විය.

කාරක සභා අවස්ථාව මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

Trending

Exit mobile version