ආධුනික පොලිස් කොස්තාපල්වරියකගේ ලැම අතගා අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති පලාලි පොලිසියේ පරිපාලන අංශයේ පොලිස් පරීක්ෂකවරයාව කන්කසන්තුරේ පොලිසියට මාරුකර යවා තිබේ.
මෙම නිලධාරිනිය පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ වී. පී. එන්. පරිගණක කාමරය අසල රැඳී සිටියදී ඇගේ පපු ප්‍රදේශය අල්ලා ඇයට ලිංගික හිරිහැර කර ඇති බව පැවසේ.
ඇයට මෙසේ හිරිහැර කර ඇත්තේ පසුගිය 26 වෙනිදාය.
මෙම නිලධාරියා අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසත් කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
——————————————-
(පෙර පුවත : 2023 අගෝස්තු 28 පෙ.ව. 10:21)
SI කෙනෙක් WPCගේ ලැම අතගාලා පලාලි පොලිසියෙන් විමර්ශනයක්
ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා අපයෝජනයක් සිදු කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධව පලාලි පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
ආධුනික පොලිස් කොස්තාපල්වරිය විසින් තමාට වූ හිංසනය සම්බන්ධව තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇති බව පොලීසිය කියා සිටී.
ඒ අනුව පලාලි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අවධානය යොමුකර උසස් නිලධාරීන් දැනුවත් කර විමර්ශන ආරම්භ කර ඇති බව පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.