Connect with us

පුවත්

WPCගේ ලැම ඇල්ලූ ස්ථානාධිපති කන්කසන්තුරේට යවයි (Update)

Published

on

ආධුනික පොලිස් කොස්තාපල්වරියකගේ ලැම අතගා අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති පලාලි පොලිසියේ පරිපාලන අංශයේ  පොලිස් පරීක්ෂකවරයාව කන්කසන්තුරේ පොලිසියට මාරුකර යවා තිබේ.

මෙම නිලධාරිනිය පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ වී. පී. එන්. පරිගණක කාමරය අසල රැඳී සිටියදී ඇගේ පපු ප්‍රදේශය අල්ලා ඇයට ලිංගික හිරිහැර කර ඇති බව පැවසේ.

ඇයට මෙසේ හිරිහැර කර ඇත්තේ පසුගිය 26 වෙනිදාය.

මෙම නිලධාරියා අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසත් කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

——————————————-

(පෙර පුවත : 2023 අගෝස්තු 28 පෙ.ව. 10:21)

SI කෙනෙක් WPCගේ ලැම අතගාලා පලාලි පොලිසියෙන් විමර්ශනයක්

ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා අපයෝජනයක් සිදු කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධව පලාලි පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

ආධුනික පොලිස් කොස්තාපල්වරිය විසින් තමාට වූ හිංසනය සම්බන්ධව තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇති බව පොලීසිය කියා සිටී.

ඒ අනුව පලාලි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින්  මේ සම්බන්ධව අවධානය යොමුකර උසස් නිලධාරීන් දැනුවත් කර විමර්ශන ආරම්භ කර ඇති බව පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved