Connect with us

පුවත්

TIN අංකයත් ඉන්දියාවෙන්; අනිවාර්ය කිරීම තවත් කල් යයි

Published

on

බිලියන 16ක් වියදම් කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිංගප්පූරු සමාගමකින් ගත් රැමිස් පද්ධතිය Revenue Administration Management Information System (RAMIS) නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා ටින් අංකය (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය) ලබාදීම තවත් කල් යනු ඇතැයි වාර්තා වේ.

එය ලබන අප්‍රේල් මස පළමුවැනිදා සිට අනිවාර්ය කිරීමට මීට පෙර ,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැලැසුම් කර තිබිවුණ ද වර්තමාන තත්ත්වය මත එය ලබන අගෝස්තු මාසය දක්වා කල්යනු ඇතැයි පැවසේ.

මේ අතර,ඉන්දියානු රජයේ තාක්ෂණික සහාය ලබාගෙන කඩිනමින් ටින් අංකය නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බවද පැවසේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමීස් පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් හේතුවෙන් ටින් අංකය ඉල්ලුම්කරන ලද 109,000 කට තවමත් ටින් අංකය නිකුත් කිරීම ප්‍රමාදවී ඇතැයිද අනාවරණය වේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ටින් අංකය අනිවාර්ය කිරීමට රජය මුලින්ම සැලැසුම් කර තිබූ අතර එය පසුව පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබිණි.

කෙසේවුවද, රැමීස් පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් හේතුවෙන් ටින් අංකය අනිවාර්ය කිරීම අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට රජය තීරණය කරන ලදි.

මේ අතර,රැමීස් පද්ධතියේ පවතින ගැටලු තත්ත්වය නිසා ඉන්දියානු රජයේ තාක්ෂණික සහයෝගය මත රැමීස් පද්ධතියට පරිබාහිරින් තවත් මෘදුකාංග පද්ධතියක් සවිකර ටින් අංකය කඩිනමින් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇතැයි ද පැවසේ.

මෙම කටයුත්ත සඳහා ඉන්දියානු රජය සිය සහයෝගය ලබාදීමටද කැමැත්ත පළකර ඇත.

ඒ අනුව විශාල වියදමක් නොමැතිව මෘදුකාංග පද්ධතියක් සකස් කිරීම සම්බන්ධව මේ දිනවල සාකච්ඡා සිදු කෙරෙන බවද අනාවරණය වේ.

බදු පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ‘‘රැමීස් පද්ධතිය’’ හඳුන්වා දෙනු ලැබීය.

සබැඳි පුවත්
“රටේ ජනතාවට TIN අංකයක් ලබා දීමට ඇමතිට හෝ කොමසාරිස්ට නීතිමය හැකියාවක් නැහැ” 

රට ගිය අයට ‘TIN’ ගන්න ඕන නෑ 

“TIN අංකය ලබාගත් පමණින් බදු ගෙවන්න බැඳියාවක් නෑ” 

“රටේ ජනතාවට TIN අංකයක් ලබා දීමට ඇමතිට හෝ කොමසාරිස්ට නීතිමය හැකියාවක් නැහැ” 

 TIN  ලියාපදිංචියට විකල්ප මගක් ! 

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved