Connect with us

පුවත්

“TIN අංකය ලබාගත් පමණින් බදු ගෙවන්න බැඳියාවක් නෑ”

Published

on

බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් මිලියන 1.2ට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 

කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ 2024 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි එදිනට හෝ එදිනට පසු වයස අවු. 18 සම්පූර්ණ වන පුද්ගලයන් වයස අවු. 18 සම්පූර්ණ වූ පසු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම අනිවාර්යය බවයි.

තවද, තක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් 01 දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු 31 දින දක්වා) සඳහා යම් තැනැත්තෙකු රු. 1,200,000ට වැඩි ආදායම් බද්ද සඳහාද ලියාපදිංචි විය යුතු බවත්, මේ සඳහන් කර ඇති අයුරින් ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරනු ලබන බවත්, රු. 50,000 නොඉක්මවන දණ්ඩනයකටද යටත් විය යුතු බවත්, එහි වැඩිදුරටත් දැක්වේ.

මීට අදාල නිවේදනය මෙතනින් :

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved