Connect with us

පුවත්

එ.ජා. ලොක්කාට කතාව පැටලිලා!

Published

on

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් – ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා හට ඊයේ (09) දින COP27 දේශගුණික සමුළුව අමතන අතරවාරයේදී අකරතැබ්බයක් සිදුවී ඇතැයි වාර්තාවේ.

සමුළුව අමතා තමා ආරම්භ කර ඇත්තේ වැරදි කථනයක් බව තේරුම් ගිය ගුටාරෙස් මහතා සිනහ මුසු මුහුණෙන් පවසා ඇත්තේ තමා ආරම්භ කර ඇත්තේ වෙනත් කණ්ඩායමක් හමුවේ සිදුකිරීමට නියමිතව පැවති කතාවක් බවත්, එබැවින් සභාවෙන් සමාව අයැදින බවත්ය.

පසුව නිවැරදි කථනයේ පිටපතක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ඔහු වෙත ගෙනවිත් දී තිබුණේ සභාවේ අත්පොලොසන් නාදය මධ්‍යයේය.

පුවත්

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

Published

on

By

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පොලිස් සුනඛයෝ 42ක් වෙන්දේසියට !

Published

on

By

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පුහුණුව ලැබ ඇති නිල සුනඛයන් 42 දෙදෙනකු වෙන්දේසි කිරීමට එම කොට්ඨාසය පියවරගෙන තිබේ.

මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 28 වැනිදා නිකුත්කර ඇති අතර වෙන්දේසිය ලබන 05 වැනිදා මහනුවර අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.

වෙන්දේසි කරනු ලබන සුනඛයන් 42 දෙනාම නිල සුනඛ පුහුණුව ලැබ පොලිසියට සේවා සපයා සේවයෙන් ඉවත්කර ඇති සුනඛයන් බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය කියා සිටියි.

මේ අනුව බේල්ජියන් මැලිනොයිස් වර්ගයේ නිල සුනඛයන් 13 ක්ද, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ නිල සුනඛයන් 10 දෙනකුද, ඉංග්ලිෂ් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 02 දෙනකුද, රොට්වයලර් වර්ගයේ නිල සුනඛයන් 1ක්ද, ලැබ්රඩෝර් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයන් 06 ක්ද, ඩොබර්මන් පින්ස්වර් වර්ගයේ නිල සුනඛයන් 2ක්ද, කොකර් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 03ක්ද, ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඇලස්කන් මැලමුට් වර්ගයේ නිල සුනඛයෙක්ද, බුල්මස්ටිෆ් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඩැල්මේෂන් වර්ගයේ නිල සුනඛයෙක්ද, ටෝයි පූඩ්ල් වර්ගයේ නිල සුනඛයෙක්ද වෙන්දේසි කිරීමට නියමිතය.

මින් නිල සුනඛයන් 26 දෙනකු පිරිමි සතුන් වන අතර අනෙක් 16 ගැහැණු සතුන්ය.

Continue Reading

පුවත්

“ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ”

Published

on

By

පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය.

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10 ක් පමණක් අඩුවී තිබීම නිසා කිලෝමීටරයකට ශත 50 ක් අඩු කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved