පුවත්

USAID ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන්  “සංක්‍රමණ නීතිය සහ ප්‍රතිපත්ති” පිළිබඳ සහතික පත්‍ර පිරිනැමේ

Published

on

ශ්‍රී ලංකාවේ සංක්‍රමණ නීතිය සහ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රථම සහතික පත්‍ර වැඩසටහන වෘත්තිකයන් 69 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සාර්ථකව නිම කළ බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා එක්සත් ජනපදය නිවේදනය කරයි. 

ඉහත පුහුණුව තුලින් මෙම වෘත්තිකයන් පිරිස තැනැත්තන් වෙළදාමට එරෙහි සටන නැවත ඔවුන්ගේ ප්‍රජාවන් වෙත ගෙන යාමට අවශ්‍ය මෙවලම් සහ දැනුම.ලබාගෙන ඇත.

මෙම සය මාසික පාඨමාලාව, USAID හි “තැනැත්තන් වෙළදාමට එරෙහිව සටන් කිරීම සඳහා සිවිල් සමාජය සවිබල ගැන්වීම” ව්‍යාපෘතිය (“Empowering Civil Society to Combat Human Trafficking” project – ECCT) සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) අතර වූ ඒකාබද්ධ ප්‍රයත්නයකි. SAFE පදනම මගින් මෙම ECCT ක්‍රියාත්මක කරයි. සංක්‍රමණ සහ නීතිය පිළිබඳ වූ මෙම පාඨමාලාව, සිවිල් සමාජ සංවිධානයක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක් අතර ව්‍යුහගත අධ්‍යයන පාඨමාලාවක් සැපයීම සඳහා ඇති වූ පළමු සහයෝගීතාවය සනිටුහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, තරුණ තරුණියන්, ස්වේච්ඡා සේවකයන් සහ සිවිල් සමාජයේ සාමාජිකයින් ඇතුළත් සිසුන් පිරිසක් , මාර්ගගත ක්‍රමයට ජාතික මට්ටමින් සංක්‍රමණ නීති සහ ප්‍රතිපත්ති පිළිබඳව වූ මෙම පාඨමාලාව හැදෑරුහ. සිසුන් පනස් දෙනෙකු සිංහල භාෂාවෙන් පාඨමාලාව හැදෑරූ අතර ඉතිරි සිසුන් දෙමළ භාෂාවෙන් ඉගෙනුම ලැබූහ. දෙසැම්බර් 20 වන දින නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාල (OUSL) නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී මෙම සිසුහු සිය සහතිකපත් ලබා ගත්හ.

Trending

Exit mobile version