Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වේ.
මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට හැකිය.
Whatsapp හෝ වෙනත් පිට පාර්ශවයන්ට මෙම හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බව එම සමාගම ප්‍රකාශ කර තිබේ.
පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්ය.
දැනට එම සමාගම පවසන්නේ අදාළ පණිවුඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් කරන බවය.
මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතව තිබේ.