පුවත්

YouTube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

Published

on

SL-Vlogs’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුපියල් මිලියන 50 ක වන්දියක් ඉල්ලා ඔහු මෙම නඩුව පවර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව සඳහා නීතීඥ තමිලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත ඩිලාන් නාලක සමඟ තිෂ්‍ය වේරගොඩ යන නීතීඥවරුන් බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

නතාශා එදිරිසුරිය නමැති ප්‍රහසන ශිල්පිනයක්, ප්‍රහසන වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයකින් බුදු දහමට අපහාස වී ඇති බවට චෝදනා කරමින් එය විකාශය කිරීම  මුල් කරගනිමින්, බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

කෙසේවෙතත්, ඔවුන් දෙදෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කළ බවට නීතිපතිවරයා අධිකරණයට දැන්වීමෙන් පසුව බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය 2024 ජුනි මාසයේදී බුදුදහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වූ නඩුවෙන් නිදහස් විය.

Trending

Exit mobile version