Connect with us

පුවත්

කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

Published

on

කාර්ගිල්ස් ‌ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැලක් තුළ (බොරැල්ල ශාඛාව)  තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතර සිටි සැකකරුවන් රුපියල් පන්දහස බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කොලඹ අතිරේක මහේස්ත්‍රාත් සජින්ද්‍රා වීරසූරිය මහත්මිය අද (25) නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර ඔවුන් පැමිණිලිකාරිය විසින් ඔවුන් හත්දෙනාගෙන් පස්දෙනෙකු හඳුනා ගනු ලැබීය.

ඇය මෙසේ හඳුනාගනු ලැබුවේ කාර්ගිල්ස් ෆුඩ්සිටියේ සේවකයන් වන දෙහිඅත්තකණ්ඩියේ පදිංචිකරුවකු වන දිනූෂ මධුසංක, ඉදල්ගස්හින්නේ පදිංචි තිරුවාවරන් පාසමලර්, රොසැල්ලේ පදිංචි තාලිදාගන් කනගම්චාල්, හැටන් පදිංචි රාමචන්ද්‍රන් සශී හා බදුල්ලේ පදිංචි කවිඳු දිල්සර යන පස්දෙනාය.

සැකපිට අත්අඩංගුවට ගැනුනු නෝවුඩ් පදිංචි අන්තෝනි සාමි හා තලවකැලේ සභාපති බේබි ශාමිලා යන දෙදෙනාව පැමිණිලි කාරිය වන බොරැල්ල මැගසිං පාරේ පදිංචි ලහිරුකා උමයංගනීට (උමා) අද හදුනා ගැනීමට නොහැකි විය.

කෙසේවුවද, පැමිණිලිකාරියට පෙරවැරදි ඇති බවට මුලින් ප්‍රකාශව තිබුණ ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා එවැන්නක් සහන්ව නොතිබීම ද විශ‌ේෂ සිද්ධියකි.

සිද්ධිය වූ දිනයේ පැමිණිලිකාරිය බොරැල්ලේ පිහිටි කාර්ගිල්ස් ශාඛාවට පෙරවරු 9.30 ට පමණ පැමිණ ඇති බවත්, ඇය එම අවස්ථාවේදී රත්ති කිරි පැකට්ටුවක් සොරාගෙන ඒම වෙළඳ සැලෙන් පිටව ඇති බවත්, පොලිසිය විසින් අද අධිකරණයට වාර්තා කළේය.

ඇය පසුව දහවල් ද සිය දරුවාට ඇන්කර් පිඩියා (Anchor Pediapro) කිරිපැකට්ටුවක් ගැනීමට එම කාර්ගිල්ස් සුපිරි වෙළඳ සැලවෙත පැමිණ ඇති අතර පිටි පැකට්ටුවේ මිල රුපියල් 1080ක් වීමත්, එම වෙළඳසැලේ සේවක සේවිකාවන් ඇය පිළිබඳව විමසිල්ලෙන් සිටින අයුරු දැකීමත්, ඇය සන්තකයේ තිබූ මුදල එම පිටිපැකට්ටුව මිලට ගැනීමට ප්‍රමාණවත් නොවීම නිසා ඇය සිය දරුවාට පෙබල්ස් චොකලට් පැකට්ටුවක් රුපියල් 60කට මිලදීගෙන ඉන් පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී පැමිණිලිකාරියට කාර්ගිල්ස් හි කලමනාකාරියක විසින් පහරදී ඇතැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ලබන නොවැම්බර් 08 වැනිදා මේ නඩුව යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සබැඳි පුවත්

කාර්ගිල්ස් චණ්ඩි 5ක් අත්අඩංගුවට; 2ක් සොයයි; සේවකයෝ චණ්ඩිවුණේ ඇයි?
කාර්ගිල්ස් චණ්ඩි 5ක් අත්අඩංගුවට; 2ක් සොයයි; සේවකයෝ චණ්ඩිවුණේ ඇයි? 

පේජ්ලාගේ කාර්ගිල්ස් ගෝලයෝ පහරදී කතක් නිරුවත් කරයි (වීඩියෝ) 

KFC හි කුණු වැල්ලවත්ත මුහුදු වෙරළට දාලා! (ඡායා)

 =====

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved