Connect with us

පුවත්

දවස් 03ට ලක්ෂ 03කට කරන්ට් එක ගිහින්

Published

on

පසුගිය  දින 03තුළ විදුලිය බිඳවැටීම් 36,000කට  කට  අධික ප්‍රමාණයක් සිදුව තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය නිල X ගිණුමේ  සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එමගින් පාරිභෝගිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය ඇනහිට ඇති බවය.

මෙම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් අමතර සේවා පිරිස් යොදවා ඇති අතර විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ සේවා නිලධාරීන් පැය 24 පුරා එම කටයුතු වල නිරත වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විදුලි බිඳ වැටීම් පිළිබඳව දැන්වත් කිරිමට ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987ට ඹ්ඪ් සමග විදුලි පාරිභෝගික අංකය මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් CEඹ් Cඅරෙ යෙදුම මගින් හෝ cඑබ්cඅරෙ.cඑබ්.ල්ක් වෙබ් පිටුටව පිවිස දැනුවත් කල හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පුවත්

නිවසක් හදාගන්න දෙන ආධාර මුදල ඉහළට

Published

on

By

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක විය.

එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම් දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම/වැඩිදියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනැමේ.

තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු බවයි රජය පවසයි.

වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/-ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000/-ක් දක්වා වැඩි වී තිබේ.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබාදෙන රුපියල් 650,000/-ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000/-ක් දක්වා වැඩිකිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved