Connect with us

පුවත්

නලින්ගේ බිත්තර එන්නේ කුරුළු උණ වැඩියෙන්ම ඇති තමිල්නාඩුවෙන්!

Published

on

ඉන්දියාවෙන් බිත්තර ආනයනය හේතුවෙන් මෙරට තුළ කුරුලු උණ ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ.බී.ගුණරත්න මහතා කියයි.

අදාළ බිත්තර තොගය ඇනවුම් කර ඇත්තේ, කුරුලු උණ ව්‍යාප්තව පවතින තමිල්නාඩු ප්‍රාන්තයෙන් බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

කුරුලු උණ ව්‍යාප්තිය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ බිත්තර මිල පහළ ගොස් ඇතැයි ද ඔහු හෙළිකර තිබේ.

මේ අතර, බිත්තර සම්බන්ධයෙන් ඉන්දියාව ලබාදිය යුතු ප්‍රමිති වාර්තාව අද ලැබෙනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

බිත්තර ආනයනය ප්‍රමාද වී ඇත්තේ අදාළ වාර්තාව මෙතෙක් නොලැබීම හේතුවෙන් ය.

ඉන්දියාවේ සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එම වාර්තාව ලබාදිය යුතු වේ.

මේ අතර, ඉන්දියන් බිත්තර ආනයනය කිරීම සඳහා ආණ්ඩුවේ අයෙක් රුපියල් මිලියන 75 ක් ඉල්ලා ඇති බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබිණි.

එසේම, වයඹ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ව්‍යාපාරිකයින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා බිත්තර රටින් ගෙන්වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලකරමින් සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ අමුද්‍රව්‍ය මිල පහළ දමා දේශීය බිත්තර නිෂ්පාදකයින් ශක්තිමත් කිරීමේ හැකියාව තිබියදී අමාත්‍යවරයා බිත්තර රටින් ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

එසේම අමුද්‍රව්‍ය මිල පහළ දමන්නේ නම් බිත්තරයක් රුපියල් 25ක මිලකට දිය හැකි බව ඔවුන් පෙන්වාදෙයි.

මේ අතර, බිත්තර ආනයනය කිරීම පිටුපස මහා පරිමාණ බදු වංචාවක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා චෝදනා කර සිටී.

කෙසේවුවද, මෙසේ තමිල් නාඩුවෙන් ගෙන්වන අදාළ බිත්තර මිලියන දෙකක ප්‍රමාණය යොදාගත හැකි වන්න්නේ බේකරි නිෂ්පාදන සඳහා පමණක් වන අතර එහි කටු පරිසරයට මුදා හැරීම ද තහනම් වේ.

සබැඳි පුවත්:

සීල් තිබ්බ බිත්තර ගබඩාව අධිකරණ නියෝගයකින් විවෘත කරයි!

නලින්ගේ බිත්තරේ රටින් එද්දී බිත්තර කුකුළු පැටව් වෙයි?

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved