ඡායාරූප සටහන ඊයේ සිදුවූ පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලොව දුටු හැටි (ඡායා) Published 3 years ago on November 9, 2022 By editor පූර්ණ චන්ද්‍රග්‍රහණය නැරඹීමට ඕස්ට්‍රේලියාවේ ස්ටැන්වෙල් උද්‍යානයට රැස් වූ පිරිස් (ඡායාරූපය: Dean Lewins/EPA) ඊයේ (08) දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හැඳින්වුනු මෙය, 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය විය. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14 දා ය. රතට හුරු චන්ද්‍රයා හා එම චන්ද්‍රග්‍රහණය උතුරු ඇමෙරිකාවේ සිට පැසිෆික් කලාපය දක්වා දිස් වුවද, යුරෝපයට දිස් නොවිනි. ලොව විවිධ රටවල් වලට මෙම චන්ද්‍රග්‍රහණය දිස් වූ අන්දම පහත දැක්වේ. සමස්ථ චන්ද්‍රග්‍රහණ ක්‍රියාවලිය නිරිත දිග දකුණු කොරියාවේ ග්වංග්ජු නුවරට දිස් වූ අයුරු (ඡායාරූපය: Yonhap/EPA) ඉන්දියාවේ කොල්කටා නුවරට චන්ද්‍රග්‍රහණය දිස්වූ අයුරු (ඡායාරූපය: Piyal Adhikary/EPA) මියන්මාරයේ යැන්ගොන් හි ශ්වේදගොන් පැගෝඩාවාට ඉහළින් පැයූ සඳ (ඡායාරූපය: Thein Zaw/AP) ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේ පිහිටි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට ඉහළින් පායා ඇති රත් පැහැ සඳ (ඡායාරූපය: Gary Hershorn/Getty Images) වෙනසුවේලාවේ කැරකස් අගනුවර මහජන චතුරස්‍රයක ඇති නත්තල් සැරසිලි අතරින් දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: Matias Delacroix/AP) චීනයේ බෙයිජිං අගනුවර තහනම් නගරයේ පිටත තාප්පයේ ඇති කෙළවර කුළුණක පසුපසින් පෑයූ රත්පැහැ සඳ (ඡායාරූපය:Mark Schiefelbein/AP) ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පෑයු සඳ (ඡායාරූපය: Getty Images) ජපානයේ තෝක්යෝ අගනුවර සෙන්සෝජි පන්සලේ වහලට ඉහළින් දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: EPA) එල් සැල්වදෝරයේ අගනුවරට දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: Reuters) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්2 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්1 week ago කෝටි 433ක බදු පොලු තැබූ සමාගම් 5ක අධ්‍යක්ෂකවරුන්ගේ දේපළ ආණ්ඩුවට